අමතක කිරීම්
මට හිතුනා සමහර post එක්ක ගොඩක් අයට තමන්ගෙ හිතට වද දෙන අතීතය අමතක කරන්න හෝ කෙනෙක් අමතක කරන්න ඕන වෙලා තියෙනවා.. ඉතිං මට හිතුනා ටිකක් ඒ ගැන කතා කරන්න.. ජීවිතේට සමහර බැදීම් හම්බෙනවා පස්සෙ කාලෙක තමන් කැමති හෝ වේවා අකමැති හෝ වේවා අතාරින්න, අමතක කරන්න වෙන.. ටික කාලයක් යද්දි සමහර ඒවා ඉබේම අමතක වෙනවා.. ඒත් සමහර බැදීම් හිතට ගොඩක් වද දෙනවා.. හොඩක් දුරට මානසික ප්‍රශ්නවලට පවා ඒවා ඇදගෙන යනවා.. ඒත් මේ ලෝකෙ අපි එනකන් බලන් ඉන්නෙ නෑ.. අපි තමා ඉක්මනට යන්න ඕන.. මං එක ක්‍රමයක් කියන්නම් හිත හදාගෙන ඉස්සරහට යන්න.. මුළින්ම හොදට අඩන්න.. හිතේ තියන දුක නැතිවෙන්නම.. ඇති තරම් නිදහසේ අඩන්න.. ඒත් අවසාන වතාවට කියල හිතාගෙන.. හරි දැං ඇති.. දැං හිතන්න ඇයි මං අඩන්නෙ කියල.. දාලා ගිය කෙනෙක් වෙනුවෙන් මම අඩන්න, පසුතැවෙන්න ඕනද ? එයාගෙන් ඔයාට මේ වෙනකන් උන හැම වැරද්දක්ම මතක් කරගන්න.. එහෙම ඒවා නැතිවෙන්න බෑ.. අඩුම ගානෙ එකක්හරි ඇති කොහේහරි මුල්ලක.. එහෙම එකක් ඇත්තෙම නැත්තං ඔයාම එහෙම එකක් මවාගන්න.. මෙහෙම වෙන්න පුළුවන්නෙ කියල.. වෙලාවට මෙයා මගෙන් ඈත් උනේ කියල හිතන්න.. එයාව මතක් වෙන එයාගෙ අතීතෙ මතක් වෙන හැම වාරයක් වාරයක් පාසාම...