අමතක කිරීම්


මට හිතුනා සමහර post එක්ක ගොඩක් අයට තමන්ගෙ හිතට වද දෙන අතීතය අමතක කරන්න හෝ කෙනෙක් අමතක කරන්න ඕන වෙලා තියෙනවා.. ඉතිං මට හිතුනා ටිකක් ඒ ගැන කතා කරන්න..

ජීවිතේට සමහර බැදීම් හම්බෙනවා පස්සෙ කාලෙක තමන් කැමති හෝ වේවා අකමැති හෝ වේවා අතාරින්න, අමතක කරන්න වෙන.. ටික කාලයක් යද්දි සමහර ඒවා ඉබේම අමතක වෙනවා.. ඒත් සමහර බැදීම් හිතට ගොඩක් වද දෙනවා.. හොඩක් දුරට මානසික ප්‍රශ්නවලට පවා ඒවා ඇදගෙන යනවා.. ඒත් මේ ලෝකෙ අපි එනකන් බලන් ඉන්නෙ නෑ.. අපි තමා ඉක්මනට යන්න ඕන..

මං එක ක්‍රමයක් කියන්නම් හිත හදාගෙන ඉස්සරහට යන්න.. මුළින්ම හොදට අඩන්න.. හිතේ තියන දුක නැතිවෙන්නම.. ඇති තරම් නිදහසේ අඩන්න.. ඒත් අවසාන වතාවට කියල හිතාගෙන.. හරි දැං ඇති.. දැං හිතන්න ඇයි මං අඩන්නෙ කියල.. දාලා ගිය කෙනෙක් වෙනුවෙන් මම අඩන්න, පසුතැවෙන්න ඕනද ? එයාගෙන් ඔයාට මේ වෙනකන් උන හැම වැරද්දක්ම මතක් කරගන්න.. එහෙම ඒවා නැතිවෙන්න බෑ.. අඩුම ගානෙ එකක්හරි ඇති කොහේහරි මුල්ලක.. එහෙම එකක් ඇත්තෙම නැත්තං ඔයාම එහෙම එකක් මවාගන්න.. මෙහෙම වෙන්න පුළුවන්නෙ කියල.. වෙලාවට මෙයා මගෙන් ඈත් උනේ කියල හිතන්න.. එයාව මතක් වෙන එයාගෙ අතීතෙ මතක් වෙන හැම වාරයක් වාරයක් පාසාම ඒ වැරදි මතක් කරගන්න.. දාලා ගිය කෙනෙක් නිසා ඔයා ඔච්චර විදවනවනම් එයා තව හිටියනම් ඔයා එක්ක, ඔයාගෙ අනාගතේ අදුරු වෙන හැටි හිතන්න. වෙලාවට එහෙම කෙනෙක් මගෙන් ඈත් වෙලා ගියේ කියල හිතන්න..

වැදගත්ම දේ ඔයාගෙ ඉලක්කය.. හැම වෙලාවෙම ඉලක්කය කියන දේ හිතේම තියාගන්න.. දවසක එයාට පේන්නම ගොඩ එනවා කියල හිතාගන්න.. ඔයා එයාගෙන් පළිගන්නවනම් හෝ දඩුවමක් දෙනවනම් ඒක තමා ඔයාට කරන්න තියෙන හොදම විදිහ.. ඔයාට එයා ගැන තරහක් තියෙනවනම් ඒකත් ඔයාගෙ ඉලක්කයට උදව්වක් කරගන්න.. හැබැයි විහින් තරහක් හදාගන්න නම් එපා.. ඔයාට තිබ්බෙ පොඩි ඉලක්කයක්නම් ඒක ලොකු එකක් කරගන්න.. ඒ වෙනුවෙන් ඔයා දවස බෙදාගෙන වැඩකරන්න.. එයා ඔයාව දාල ගිය හේතුව හොයා ගන්න.. අන්න ඒ දේවල් ලියාගන්න.. ඒවා ඔයා ඔයාගෙ plus point එක කරගන්න.. කිසිම වෙලාවක කිසිම දවසක ඒ දේවල් නිසා ආයෙ විඳවන්නෙ නෑ කියන මට්ටමටම ඒදේ හදාගන්න..  එක දවසක එයාම ඔයා දිහා බලල දුක් වෙන මට්ටමට ඔයාව ගොඩනගනවා කියල හිතාගන්න..

අනික ඔයාගෙ ප්‍රශ්න ගැන වැඩිපුර හිතන්න එපා.. අනික් අයගෙ ප්‍රශ්න දිහා බලන්න.. මට කන්න බොන්න තියෙනවා.. සමහර අයට ඒවත් නෑ.. මට ඉන්න තැනක් තියනවා, සමහර රටවල්වල ළමයි අමු අමුවේ මරනවා.. මට එහෙම ප්‍රශ්න තියෙනවද… ඒ අතින් මම කොච්චර වාසනාවන්තද.. ඒ වගේ අයම ජීවත් වෙද්දි ඇයි මට බැරි මගෙඑ හිත හදාගන්න..  මාව බලාගන්න එයා නැති උනාට රත්තරන් වගේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා.. මං වැටුනොත් එයාලව බලාගන්නෙ කවුද.. ළගදි ආපු කෙනෙක් නිසා ඒ දෙන්නට දුකක් දෙන්න පුළුවන්ද.. ඕව මතක් කරන්න.. එයාව මතක් වෙන හැම වෙලේම ඔයාට වඩා ලොකු ප්‍රශ්න තියෙන අය ගැන කල්පනා කරන්න..

විශේෂයෙන්ම boot සිංදු අහන්න එපා කොහෙත්ම.. සිංදු අහන්නම ඕන නම් තේරෙන්නෙ නැති සිංදු අහන්න.. බයිලා වගේ ඒවා.. ඝෝෂාකාරි සිංදු අහන්න.. එයා ගැන තියෙන එයාව මතක් වෙන්න පුළුවන් හැමදේම මකල දාන්න.. ඔයාගෙ contact number එකත් ඒදේට අයිති නම් ඒකත් මාරු කරන්න.. කොටින්ම කියනවනම් අළුත් මනුස්සයෙක් වගේ නැගිටින්න.. අනික තනිවෙන්න හදන්න එපා මොන වෙලාවෙවත්.. motivational videos බලන්න.. පුළුවන් තරම් යාළුවෝ ආශ්‍රය කරන්න.. මේ ගැන කතා නොකර ඔහේ කියවන්න.. ඔයා පාඩම් ක්අරන කෙනෙක් නම්, විභාගයකට ලෑස්ති වෙන කෙනෙක් නම් යාළුවෙක් එක්ක එකතු වෙලා පාඩම් කරන්න.. අනික මේ වෙලාවෙ ඔයාට මානසික ලෙඩක් කියල හිතන්නෙපා.. ගොඩක් අය එහම හිතලම මානසිකව කඩාගෙන වැටෙනවා.. අනික දාලා ගිය කෙනෙක් වෙනුවෙන් ඔයා ඔයාටම හානි කරන්නත් එපා.. ඒ තරම් මෝඩ වැඩක් කොහෙත්ම නෑ.. හොදට කන්න, හොදට නිදියන්න.. කරන හැමදෙයක් ඉස්සරහම #හොඳට කියන වචනය දාගන්න.. මේ වෙනක‍ං ඔයා දෙන්නෙක්ට කියල වියදම් කරපුවා දැං ඉදන් තනි කෙනෙක්ට වෙනවා.. ඒ නිසා ඔයා ආස දේවල් කරන්න..

එකක් මතක තියාගන්න යාළුවා.. අද ඉදන් ඔයා නිදහස්.. කවුරු මතවත් ඔයා රඳාපවතින්නෙ නෑ.. ඔයා විතරක් නෙමේ.. ඔයාගෙ කිසිම දෙයක් කවුරුවත් මත රඳාපවතින්නෙ නෑ.. නතර උන තැනින් නැගිටිමු..
ඕවා මතක තියාගෙන වැඩ කරන්න පටන් ගන්න..
මේ වැඩෙ ටිකක් අමාරුයි.. කොහොමත් මුල් සතිය මාරම කට්ටක්.. ටික ටික යද්දි හුරුවෙයි..
(මේ කිසිම දෙයක් කාටවත් වෛර කරන්න කියල නෙමේ කීවෙ… අවසානට ඕක හරිගියාම උඹ උඹටම හිනාවෙයි යාළුවා.. හැම දෙයක්ම හොදින් වෙයි.. මීට කලින් #SELF_LOVE කියල article එකක් දැම්මා ඒකත් බලන්න මේ එක්කම.. ලොකු උදව්වක් වෙයි ඔයාට නැගිටින්න..)
උඹට බැරි නෑ.. ඒක හිතට ගනින් යාළුවා.. Good luck



කර්තෘ - S. Mufees Ahamed





Comments