SELF LOVE


Self Love, ගොඩක් දෙනෙක්ට මග ඇරුන ඒත් හැමෝම ගාව තියෙන්න ඕනම දෙයක් තමයි මේ self love කියන්නෙ.. හැමදේටම කළිං පළවෙනියට තමන් තමන්ටම ආදරය කරන්න ඕන.. එහෙම කීවම සමහර අය හිනාවෙයි.. ඒත් යළුවා ඒක තමා වෙන්න ඕන.. මං මෙහෙම ප්‍රශ්නයක් අහන්නං..

ඔයාගෙයි ඔයා පණ වගේ ආදරය කරන කෙනාගෙයි කකුල් රේල් පීල්ලක හිරවෙනවා.. ඔයා පළවෙනියටම කරන්නෙ මොකද්ද.. අනිවාර්යෙන්ම ඔයා පළවෙනියට ඔයාගෙ කකුල ගලවගන්නයි හදන්නෙ.. ඇයි ඒ.. මොකද ඔයා එයාට වඩා ඔයාට ආදරෙයි.. සමහර අය කියයි මම බේරුණොත් මට එයාව බේරගන්න පුළුවං නිසයි එහෙම කරේ කියල.. එහෙම කිසිම දෙයක් නෑ යාළුවා.. ඒ ඔයා ඔයාව සාධාරණීකරණය කරගන්න හිතින් හදාගන්න හෙතු.. ඔයා ඔයාට ආදරෙයි කාටත් වඩා.. ඔයාට ඔයාව විශ්වාසයි අනික් කාටවත් වඩා.. ඒත් ඔයා ඒක පිළිගන්න කැමති නෑ.. ඒත් ඒකයි ඇත්ත.. ඒ නිසා තමා ගොඩක් තැන් වරදින්නෙ අපිට අපිවත් නොදැනුවත්වම..

ඔයා දෙයක් කරන්න කලින් කාගෙන් හරි උපදෙස් ගන්නවා නේද.. ඇයි ඒ කාගෙන්වත් උපදෙස් ගන්නෙ.. ඇයි ඔයාට බැරි ඔයාගෙන්ම උපදෙස් ගන්න.. ඇයි ඔයාට බැරි ඔයාගෙ ප්‍රශ්නෙට ඔයාගෙන්ම උත්තරයක් අහන්න.. ඔයාට කිසි දෙයක් බැරි නෑ යාළුවා.. හේතු දෙකයි තියෙන්නෙ. එක්කො ඔයාට ඔයා ගැනම විශ්වාස නෑ නැත්තං ඒක කරන්න තේරෙන්නෙ නෑ.. ඒ නිසයි ඔයා පිට කෙනෙක්ව විශ්වාස කරල ඔයාගෙ ප්‍රශ්නවලට පිටින්ම විසදුම් බලාපොරොත්තු වෙන්නෙ.. අනික කවදාවත් කෙනෙක් සම්පූර්ණ ප්‍රශ්නෙම එළියට කියන්න බයයි.. මොකද ඒකෙන් ඔයාටම හානියක් වෙන්න පුළුවන් නිසා.. එහෙම භාගෙට කියපු ප්‍රශ්නෙකින් කවදාවත් සම්පූර්ණ විසදුමක් බලාපොරොත්තු වෙන්න බෑ යාළුවා.. ඒත් ඔයාට පුළුවන් ඔයා එක්කම ඒ දේ සාකඡ්චා කරන්න.. ඔයාගෙ හිතට එකග වෙලා ඔයාගෙ හිතෙන්ම ඒකට විසදුමක් ඉල්ලගන්න.. වැරදි දේ වැරදි විදිහට දකින්න,, අවුලක් නෑ.. මොකද ඒ හැමදේම  වෙන්නෙ ඔයා ඔයා එක්කමයි.. ඔයා ඔයාට ආදරය කරන්න.. අන්න එදාට ඒ ප්‍රශ්න වලට අවංක උත්තර ඔයාගෙන්ම හම්බෙයි..

ප්‍රශ්නයක් තමන්ට වෙනකන් අනික් අයට ඒක නිකංම විහිළුවක් විතරයි කියල කියනව නේද.. එහෙනං ඇයි ඔයා ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරල එහෙම අයගෙන් විසදුම් බලාපොරොත්තු වෙන්නෙ.. මිනිස්සු කියන්නෙ හරි වෙනස් ජාතියක් යාළුවා.. අනික් අයව විශ්වාස කරන්නෙපා කියන්නෙ නෑ මං කවදාවත්.. ඒත් ඇයි ඔයාට බැරි ඒ අයට වඩා තමන්ව විශ්වාස කරන්න.. වෙන කෙනෙක්ට වඩා තමන්ට ගරු කරන්න.. වෙන කෙනෙක්ට වඩා තමන්ට ආදරය කරන්න.. දවසක් එයි යාළුවා තමන්ට තමන් ඇරෙන්න වෙන කවුරුත්ම නැතිවෙන.. අන්න එදාට ඔයා ගොඩක් අසරණ වෙයි ඔයා ඔයාටම ආදරය කරේ නැත්තං.. තමන්ට ආදරෙයි නම් අන්න එදාට ඔයාව උස්සල තියන්න ඔයාව ගොඩගන්න ඔයාගෙ ආත්මෙම ඔයාට උදව් කරයි..

ගොඩක් අය තමන්ට ආදරයක් නැහැ කියල දුක් වෙනව නේද.. එයා මගෙනම් මං එයාව මේ වගේ බලාගන්නවා කියල හීන දකිනයවා නේද.. ඇයි එහෙම දුක් වෙන්නෙ.. ඇයි ඔයාට බැරි ඔයාගෙ ඒ ආදරෙ පිට කෙනෙකුට නොදී තමන්ටම දෙන්න.. ඇයි ඔයාට බැරි එයාව බලාගන්න හදන විදිහටම ඔයාව බලාගන්න.. දැං නැගිටින්න යාළුවා.. ටිකක් කතා කරල බලන්න ඔයා ඔයා එක්කම.. ඔයා ඔයාව විශ්වාස කරන්න අනික් කාටත් වඩා.. අන්න එදාට පුළුවං ඔයාට මේ ලෝකෙ දිනන්න..

ඉන්දියානු ආධ්‍යාත්මික නායකයෙක් වන ශ්‍රී රවි ශංකර් කියනවා “ ඔබ තුළ ඇති ආදරය සොයාගන්න, ඔබ තුළ ඇති ආදරය සොයාගෙන ඔබේ සැබෑ නිවහන වන එහි තුළම විවේක ගැනීමට ඉගෙනගන්න” කියල.. අදම ඔයාගෙ හදවතට කතා කරල බලන්න.. පළවෙනියට ඔයා ඔයාට ආදරේ කරන්න.. කවදාවත් ඔයාගෙ සතුට වෙන කෙනෙක් මත තියන්න එපා.. මොකද කාටවත් බෑ ඔයාට ඒ වෙනුවෙන් වගකීමක් ගන්න.. අනික ඒ වෙනුවෙන් කවුරුත් බැදිලත් නෑ.. එහෙම කෙනෙක් අවසානට ඔයාගෙන් ඈත්වෙලත් යන්නෙ ලොකු දුකක් දීල.. ඒත් ඔයා ඔයාටම ආදරෙයිනම් අන්න එදාට ඔයා හිත හදාගනී, අවුලක් නෑ මට මම ඉන්නවා එයාට එපා උනත් මට මාව ඕන.. ඒ වෙනුවෙන් මම ජීවත් වෙනවා කියල..

ඔයාට බැරිනම් ඔයාට  ගරු කරන්න, ඔයාට බැරිනම් ඔයාට ආදරය කරන්න, කවදාවත් වෙන කෙනෙක්ගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නෙපා.. මොකද ඔයාට ඒ දේ අනවශ්‍යයි නම් ඒවා ඔයාට දෙන්න පිට කෙනෙක්ට කොහොමත්ම ඕන නෑ.. හොද නරක ඔක්කොම ඔයා එක්කම සාකච්ඡා කරන්න.. ලෝකෙට අවශ්‍ය දෙවල් ඔයා කරන්න යන්න එපා.. ඔයා ඔයාගෙන්ම අහන්න ඔයාට මොනවද ඕන කියල.. අන්න ඒ දේ කරන්න උත්සාහ කරන්න ඒ දේට මහන්සි වෙන්න.. ලෝකෙට අවශ්‍ය වෙන්නෙ ජීවත් වෙන අය විතරයි.. ඒකට ඔයා ඔයාව ලෑස්ති කරගන්න යාළුවා..

එහෙම ලෑස්ති උන දවසට තමා ඔයා ඔයාගෙ ජීවිතයෙ සැබෑම අයිතිකාරයා වෙන්නෙ.. අන්න එදාට ඔයාට හැමදෙයක්ම නිදහසේ කරන්න පුලුවං.. එතනින් ඔයාගෙ ජීවිතේ සාර්තකත්වයට හැරෙයි ඔයාටවත් හිතාගන්න බැරි විදිහට.. එදාට ඔයා ඔයාට ආදරය කරනව වගේගොඩක් අය ඔයාට ආදරය කරයි..

එහෙනම් යාළුවා පළවෙනියට ආදරය කරන්න තමන්ට.. ඒක දවස උදව්වක් වෙයි වැටුන තැනකදි ඔයාව නැගිට්ටවන්න. ඒ වගේම වැටෙන්න යන්න කෙනෙක්ව අල්ලගන්න.. එහෙනම් Good luck යාළුවා..



කර්තෘ - S. Mufees Ahamed




Comments

Popular posts from this blog

අමතක කිරීම්